සමගි ජන බලවේගය බේරුවල ආසනයේ පක්ෂ ක්රියාකාරී හමුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවු බව වාර්තා වේ . බේරුවල හෙට්ටිමුල්ල ප්රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක මෙම ක්රියාකාරී හමුවෙදී පක්ෂ සාමාජිකයෝ බේරුවල ආසනයේ සමගි ජන බලවේගය සම සංවිධායක ඉෆ්තිකාර් ජමිල්ට සිය විරෝධය දක්වා ඇත.
ඔහු සභාව අමතමින් සිටියදී ඊට උරණ වූ සමගි ජන බලවේගය ක්රියාකාරිකයින් ජාතික ජන බලවේගය සමඟ සන්ධානගතව බේරුවල නගර සභාවේ පාලන බලය ලබාගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වා ඇත .
තම විරෝධය නොතකා බේරුවල නගර සභාවේ බලය පිහිටවීමට ජාතික ජනබල වේගය සමග සන්ධාන ගතවීම ගැන පක්ෂ සාමාජෛකයී සිය විරෝධය පලකර සිටීහ.