2029 වසරේ ජනාධිපතිවරා කවුරුදැයි බොහෝ දෙනෙක් විමසන බව සමගි ජනබලවේගයේ පාරිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි .
වත්මන් ජනාධිපතිවරයාට තව වසර දෙකක් බලයේ සිටීමට නොහැකි බවත්, නාමල් රාජපක්ස තවමත් 3% ඡන්ද පදනමේ සිටිනා බැවින් ඔහුට ජනාධිපති වීමට 2029 දී නොහැකිවනු ඇති බව ඔහු පැවසීය.
ඒ අනුව මීලඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවත්, ඔහු අත්දැකිම් බහුල පුද්ගලයෙක් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන වැඩි දුරටත් පැවසීය.
ඔහු මේ බව පැවසූවේ 2029 වසරේදී ජනාධිපති ධූරය දැරීමට සුදුසු පුද්ගලයා කවුරුන්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි .