සිරිලිය ගිණුමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ අද (27) පෙනී සිටීමට නියමිතය .
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය හෙබවූ සමයේ ක්‍රියාත්මක වූ ‘සිරිලිය’ ගිණුමේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව කරුණු විමසීමට මෙම කැඳවීම සිදුකර ඇත.
අද පෙරවරු 9 ට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස පසුගිය සිකුරාදා ඇයට දැනුම් දී තිබුණි .