දිට්වා නිසා තවමත් පුද්ගලයන් 173 දෙනෙක් අතුරුදහන්

දිට්වා සුළි සුළඟ සහ සමාන්තරව සිදුවූ නාය යාම් සහ ගංවතුර තත්ත්වය නිසා තවමත් පුද්ගලයින් 173 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් 649 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඉන් වැඩිම පිරිස නුවර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 243ක් බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 89 දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 81 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම තවදුරටත් සුරක්ෂා මධ්‍යස්ථාන 85ක පුද්ගලයින් 6,680 දෙනෙකු රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.