ගල් අඟුරු බාල බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි .

ලක්විජය බලාගාරයේ භාවිතය සඳහා ගෙන ආ ගල්අඟුරු තොගය නියමිත ප්‍රකිතියට නැතිබව අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .

පරික්ෂාව සඳහා ඉන්දියාවට යැවූ සාම්පලවල අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ අඩුවක් ඇතිබව තහවුරු වූ බවත්, එබැවින් එහි ගුණාත්මක බව පිළිබඳව ගැටළු සහිත බවත් ඔහු පැවසීය .

කළුතරදී මාධ්‍ය වෙත අද(25) අදහස් දක්වමින් මේ බව පැවසු නලින් ජයතිස්ස මෙ බව් අපැවසීය . සමාගමෙන් දඩ අයකර ගැනීමට කටයුතු කරන බව පැවසුවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. පළමු මෙ.ටො. 60,000 මෙරටට ගෙන්වූ පසු ගල්අඟුරු සමාගම විසින් ඉන්දියාවට යවා සිදුකළ සාම්පල පරීක්ෂාවේ දී එහි අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ අඩුවක් හඳුනාගත්තා. ඒ නිසා දඩ අය කරනවා. දෙගුණයක දඩයක් නියම වෙනවා.දෙවනි මෙට්‍රික් ටොන් 60,000 ගොඩ බාලා තියෙන්නේ.ඒකේ සාම්පල් යවලා තතියනවා කිසි ප්‍රශ්නයක නැහැ ඒකේ.තුන්වෙනි මෙට්‍රික්ටොන් 60,000 දැන් ගොඩ බාමින් පවතිනවා.ගොඩබාලා ඉවර අනාට පස්සේ සාම්පල් පරික්ෂාවකට යවනවා.ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. ලංකාවට ගොඩබෑවට පස්සේ සිදුකරන සාම්පල පරීක්ෂාවේ දී ප්‍රමිතිය නැත්නම්, අනිවාර්යයෙන් අදාළ කොටසට දඩ ගෙවන්න වෙනවා”