කස්සප හිමිට උණගනී .

බන්ධනාගාරගතව සිටින කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ වන විට බන්ධනාගාර රෝහල තුළ පැතිර යන වෛරස් උණ රෝගයට ගොදුරු වී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව සිංහල සංවිධාන එකමුතුව පවසයි .

උන්වහන්සේලා ඉතා අසීරුවෙන් ඇවිදින බවත්, කතා කිරීමේදී පවා පෙර තිබූ ප්‍රාණවත් බව දක්නට නොලැබුණු බවත් එම සංවිධාන එකමුතුවේ ප්‍රකාශකයෙක් පැවසීය .

මෙම තත්ත්වය හමුවේ සිරගතව සිටින ස්වාමීන් වහන්සේලා සිව්නම ඇතුළු අනෙකුත් පිරිසගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම රජය, බන්ධනාගාර බලධාරීන් සහ අදාළ නිලධාරීන් භාරගත යුතු බව සිංහල සංවිධාන එකමුතුව අවධාරණය කළා.