බලංගොඩ කස්සප හිමියෝ බන්ධනාගාරයෙ අහාර ප්‍රතික්ෂේප කරති.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට බන්ධනාගාරයෙන් දිවා ආහාරය සඳහා ලබාදෙන දාන වේල උන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට අයත් භූමියේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේදී ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ සිව්නමක් සහ තවත් සැකකරුවන් 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියෝග කර තිබුණි.

බලහත්කාරයෙන් බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාලව කස්සප හිමියන් ඇතුළු පිරිසක් ඊයේ ත්‍රිකුණාමළය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමණවනු ලැබීය. එහිදී අනවසර ඉදි කිරීම් සහ වෙරළ සංරාක්ෂණ පනත උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ උන්වහන්සේට එරෙහිව චෝදනා ගොනුකර තිබුනි. එම චෝදනා සළකා බැලූ බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ සිව් නමක් සහ ගිහියන් පස් දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය .