තමිල්නාඩුවේ මහඇමති ධූරය සදහා තරග කළ තලපති විජයගේ ජයග්‍රහණ සමරමින් ඊයේ (09) දින හැටන් වැලිඔය වත්තේ සැමරුම් උත්සවයක් පවත්වා අතිබව වාර්තා වේ . මෙම උත්සවය වතුකරයේ වෙසෙන තලපති විජයගේ රසිකයින් පිරිසක් එක්ව සංවිධානයන් කර ඇත.
මෙම උත්සවයට සමගාමීව තලපති විජයගේ රසිකයින් විසින් ප්‍රදේශයේ පාසල් ළමුන්ට පොත් ප්රදානය කිරිමක්ද සිදු කර තිබේ .
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට පෙර උතුරු පළාතේ ස්ථාන කිහිපයකද තලපති විජේගේ ඡායාරූප සහිත බැනර් ප්‍රදර්ශණය කර තිබුනි . කෙසේ වෙතත් තනිපක්ෂයක් ලෙස බහුතර ආසන සංඛ්‍යාවක් ලැබූවද මහ ඇමති ධූරය ලබා ප්‍රාන්ත සභාවෙ බලය පිහිටවීම සඳහා ඔහුගේ පක්ෂයට තවත් ආසන 10 ක් ලබාගත යුතුව ඇත. ඒ ආසන සංඛ්‍යාව ලබාගැනීම සඳහා සුළු පක්ෂ සමග සාකචා පැවැත්වීමට ඔහුට සිදුව් ඇත .