කපිල චන්ද්‍රසේනගේ අවසන් ගෞරව දක්වන්නට මහින්ද රාජපක්ෂ පැමිණේ .

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ දේහය මේවන විට බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇත . අද පෙරවරුවේ එහි පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කපිල චන්ද්‍රසේනගේ දේහයට අවසන් ගෞරව දක්වීය .

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසූවේ කපිල චන්ද්‍රසේන තමාගේ හිතවතෙකු මෙන්ම රට වෙනුවෙන් යමක් කළ දක්ෂ නිලධාරියකු බවය .

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම්දී ඇති බවද ඔහු සඳහන් කළේය.