අම්බලන්ගොඩ පොලීසියේදී අද (24) පස්වරුවේ වැරදීමකින් ගිනි අවියක් ක්රියාත්මක වී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. මෙලෙස තුවාල ලබා ඇත්තේ රාජකාරියට වාර්තා කිරීම සඳහා පැමිණි කොස්තාපල්වරයෙකි.
මෙම කොස්තාපල්වරයා රාජකාරියට වාර්තා කිරීමෙන් පසුව සිය ගිනිඅවිය පරීක්ෂා කරමින් සිටියදී හදිසියේම ගිනිඅවිය ක්රියාත්මක වී තිබේ. එහිදී ඔහුගේම එක් කකුලකට වෙඩි වැදී ඇති බව සඳහන් වේ.
ඔහු ප්රථිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත. තත්ත්වය බරපතල නැති බව් වාර්ත වේ.