මාලිමා මන්ත්‍රී සමග ගැටුන පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ගැටුමකට මැදි වූ සූරියකන්ද පොලිස් ස්තානයේ කොස්තාපල්වරයාගේ සේවය ඉදිරි විමර්ශන කටයුතු අවසන්වන තුරු අත්හිටවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පැවසීය .

මන්ත්‍රීවරයා සමග ඇති වූ ආරවුල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාට ඇඹිලිපිටිය අධිකරණය විසින් ඊයේ දිනයේ ඇප මත නියම කරනා ලදි .