වත්මන් රජය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් වත්මන් පාලනයේ පවතින දුර්වලතා පිළිබඳ ව සිය නොසතුට පලකරමින් ලිපියක් පැලවත්ත පිහිටි ජාතික ජන බලවේග පක්ෂ මූලස්ථානය වෙතිදිරිපත්කර ඇති බව වාර්තා වේ .
කෙසේ වෙතත් මෙම කණ්ඩායමට ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරනා කිසිත් ඇතුළත්ව නැති බවත් එහි සියළු දෙනා ජාතික විද්වත් සන්ධානය සහ වෙනත් පාර්ශව නියෝජනය කරමෛන් අවසාන කාලයේ ජාතික ජන බලවේගයට එක් වු වන් බවත් වාර්තා වේ .
මෙම පිරිස අතර අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ඇතුළත් වන අතර සෙස්සෝ පසුපෙළ මන්ත්‍රීවරු වෙති . මෙම පසු පෙළ මන්ත්‍රීවරුන්ට මාධ්‍යට කරුණු දැක්වීමට පවා අවස්ථා අහිමිකර ඇති අතර, ඉහළ නායකත්ත්වය ගන්නා සෑම තීරණයක්ම් ආනුමත කිරීමට සිදුව අතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශණ නිමවන තුරු නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ධූරයෙන් ඉවත්විය යුතු බවට කතෝලික ආගමික නායකයන් කිහිප දෙනෙක් කරනා බලපෑම පිළිබඳවද මෙම මන්ත්‍රී වරුන් සිය නොසතුට පලකර ඇත .