කළුගඟේ ගංවතුර තත්ත්වය තව දුරටත් වැඩි විය හැකි බවට අනතුරු ඇඟවෙයි

කළු ගඟ ද්‍රෝණිය තුළ පිහිටා ඇති පහත් බිම් ප්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරියේදී සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි .

ඒ අනුව කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල, අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂවල කළු ගඟේ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ .

මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් හා මගීන්ගෙන් ද මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් යුතුව කටයුතු කළයුතු කරනා ලෙස ඉල්ලා සිටී .