පිටකොටුව පාවෙන වෙළඳපොළේ ව්‍යපාරිකයන් සියලු දෙනා ඉවත් කරයි

නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිටකොටුව පාවෙන වෙළඳපොළ ජපන් ආයෝජකයකුට ඇමරිකානු ඩොලර් මිලියන 160 කට බදුදීමට සූදානම් වේ.

එම ආයෝජකයා මෙම වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් සහ රාත්‍රී වෙළඳපොළ නවීකරණය කිරීමට සැලසුම් කරන අතර, එය වර්තමාන තත්ත්වයෙන් බදුදෙනු ලැබේ. වර්තමානයේ එහි ව්‍යාපාරික කටයුතු කරනා වෙළඳසැල් හිමියන්ට වන්දි ලබාදීම එම ස්ථානයෙන් ඉවත්කිරීමට සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.

ආයෝජකයා දැනටමත් නාගරික සංවර්ධන අධිකාරියට ඇමරිකානු ඩොලර් මිලියන 16ක් ගෙවා ඇතිබවත්, කඩිනමින් ගනුදෙනුව නිමවනු ඇති බවත් වාර්තා වේ