මිනිසුන් වෙනුවෙන් නීතිය ක්රියාත්මක වෙන අයුරු අප සමාජයේ කොතෙකුත් දැක තිබුණද තිරිසන් සතෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අධිකරණ තීන්දුවක් ලබාදෙන දුලබ අවස්ථාවක් හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේදී ඊයේ දැකගත හැකි විය.
පන්නිපිටිය විද්යාල හංදියේ අලුබෝගහවත්ත පටුමඟේ ජීවත් වූ ප්රජා සුනඛයෙක් වූ බ්ලැකී එම පටුමගේ ජීවත්වූ සියළු දෙනාගේ ආදරය දිනාගත් සතෙක් විය. පසුගිය නොවැම්බර් 14 වනදා කාන්තාවක් විසින් පැදවූ මෝටර් රියකට යටවීමෙන් බ්ලැකී අවසනාවන්ත ලෙස මිය යන ලදි . අනතුර චේතනාන්විතව එම කාන්තාව සිදුකළ බවට අළුබෝගහවත්ත පටුමගේ පදිංචිකරුවන් පසුගිය 16 වනදා කොට්ටාව පොලිසියේ පැමිණිල්ලක් ගොනුකරනා ලද අතර ඊට අදාලව සී.සී.ටී.වී සාක්ෂිද ඉදිරිපත් කරනා ලදි.
එ අනුව කොට්ටාව පොලිසිය විසින් අත් අඩංගුවට ගත් එම රිය පැදවූ සැකකාර කාන්තාව දෙසැම්බර් මස 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහෙස්ත්රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
අළුබෝගහවත්ත පටුමඟේ ජීවත් වන කාගේත් ආරක්ෂකයා වූ ‘බ්ලැකී’ සියලුදෙනාගේම ආදරය හා කරුණාව දිනාගැනීමට සමත්ව සිටියේය. අවට ප්රජාව විසින් අහාරපාන දී රැක බලාගත් බ්ලැකී කිසිවෙකුට හෝ හිරිහැර නොකළ බව ප්රදේශවාසීහු පවසති.