ලිංගික අතවර චෝදනා මත තමා අත් අඩංගුවට නොගන්නැයි වෛද්‍යවරයෙක් අධිකරණයෙන් ඉල්ලා සිටී

තමන්ට එරෙහිව පොලීසියට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අවසන් වන තුරු ඊට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍යවරයෙකු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ගාල්ල පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ රොඩ්නි පෙරේරා නම් වෛද්‍යවරයෙක් විසිනි .

ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් ගාල්ල කරාපිටිය රෝහලේ සේවය කරන හෙදියක් විසින් තමන්ට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් ගාල්ල පොලිස්ථානය සිදුකර ඇති බවයි ඔහු පෙත්සම මගින් පවස‍යි .