මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ . ඒ එම සැකකරුවන් ඊයේ (25) පැමිණ අධිකරණයට භාර වීමෙන් අනතුරුවයි.
එක් අයෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටත්, ගලවන ලද නාම පුවරු දෙපාර්ශ්වය සාකච්ඡා කර දෙසැම්බර් මස 15 වැනි දින වන විට සවිකරන ලෙසත් වාලච්චේන මහේස්ත්‍රාත් එම්. අයි. අහමඩ් රතිප් නියෝග කළේය .
මඩකලපුව, වාලච්චේන කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මගින් පවත්වාගෙන යන පුරාවිද්‍යා ස්ථානවලට ගමන් කරන දිශා පුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති සුන්දරලිංගම් සුදාකරන්, උප සභාපතිනිය වන කුලන්දවේල් පද්මනිදන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආනන්ද සිවරාසා, සිදම්බරන් පිල්ලේ, ෂන්මුගනාදන් යන සිව් දෙනා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නීතීඥ එම්. ඒ සුමන්දිරන් මහතා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් විය.