උතුරේ මහවිරු සමරුව ඇරඹේ.

උතුරේ ජනතාව මහවිරු සමරු උළෙලවල් පැවැත්වීම් ඉකුත් 20 දා සිට ආරම්භ කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙවර මහ විරු සමරුව 27 වෙනිදා දක්වා සතියක් තුළ පැවත්වීමට නියමිතය . මේ කාලයෙදි තමනගේ නිවෙස් වලට ආසන්නයේ පිහිටි සුසාන භුමි වලදී හෝ ප්‍රජා ශාලාවලදී යුද්ධයෙන් මිය ගිය පිරිස සමරා ඉටිපන්දම් පහන් දල්වා යුද්ධයෙන් මිය ගිය අයගෙ ඡායාරූපවලට මල් මාලා පැළඳවීමට නියමිතය .

මෙම මහවිරු සමරු උළෙලේ ප්‍රධාන උත්සවය 27 වෙනිදා සවස මුලතිව් වෙල්ල මුල්ලිවයිකාල් ප්‍රදේශයේ පිහිටි විශේෂ ස්මාරකය අබියසදී පවතවනු ලබන අතර යාපනය විශ්ව විද්‍යාලය සංවිධානය කරනු ලබයි .