මේ නායකයා මිනිසුන්ට විතරක් නොවේ සත්තුන්ටත් ආදරෙයී

රටේ නායකයා තිරිසන් සතුන් ගැන පවා සිතනා නායකයෙක් බව මෙවර අයවැයෙන් තහවුරු කර ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටච්චි සඳහන් කරන්නීය .

වීදි සුනඛයන්ගේ වන්ධ්‍යාකරණය සහ සුභ සාධනය වෙනුවෙන් රුපියල් මිලියන සීයක මුදලක් වෙන් කිරීමෙන් රජය සතුන් සම්බන්ධව දක්වන ආකල්පය වටහා ගත හැකි බවද ඇය පැවසූවාය. එමගින් රටේ නායකයාගේ චින්තනය අනුව රටේ චින්තනය කුමක්දැයි තේරුම් ගත හැකි බවද ඇය පැවසුවාය.

ගෑස් කාමරවල දමා, සයනයඩ් එන්නත් කරමින් වීඩි සුනඛයන් ඝාතනය කිරීමට කලින් තීන්දු ගනිද්දී මෙවර ආණ්ඩුවෙන් එම ගැටලුව විසඳීමට අයවැයෙන් මුදලක් වෙන්කර ඇති බවත් ඇය පෙන්වාදුන්නාය.. පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.