මත්ද්‍රව්‍ය චෝදනාව නිසා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි .

සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ දිස්නා නිරංජලා කුමාරි නම් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඇගේ සැමියා හා පුත්‍රයා සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය කටයුතු සිදුවෙමින් පවතී.
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධව තමා පුද්ගලිකව දැඩි කම්පනයකට ලක්ව ඇති බව ඇය සිය ඉල්ලා අස්වීමේ සඳහන් කර ඇත .

ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වනවිටත් යොමුකිරීමට කටයුතු කර ඇත. එමෙන්ම එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා වෙතද යොමුකර තිබේ.