ක්‍රිකට් සඳහා අතුරුපාලක මණ්ඩළයක් ! සභාපති ධූරයට ඉරාන් වික්‍රමරත්නට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු විධායක සභාව ඉල්ලා අස්වීම හෙතුවෙන් එහි පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත්කර ඇත .

එම අතුරු කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පත්කර ඇති අතර රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා දිනාල් පිලිප්ස් එහි සෙසු සාමාජිකයන් ලෙස නම්කර ඇත .

නිලවරණයකින් නිලධාරී මණ්ඩලයක් පත්කරන තෙක්, ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ අතුරු පාලක කමිටුව විසින් සිදුකරනු ඇත.

ආදි රාජකීයයෙකු වන ඉරාන් වික්‍රමරත්න එම විද්‍යලයේ ක්‍රිකට් පිල නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකි . ලෝප්‍රකට තරග තීරකයෙක් වන හිටපු ටෙස්ට් ක්‍රිඩක රන්ජන් මඩුගල්ල සහ ඉරාන් වික්‍රමරත්න රාජකීය පිලේ සමකාලීන ක්‍රීඩකයෝ වෙති .