ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන කටයුතු භාර තනතුරෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක කිරීමට පොලිස් කොමිසම සිය නිළ අනුමැතිය ලබාදී ඇත. පොලිස්පතිවරයාගේ ලිඛිත ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පොලිස් කොමිසම මෙම තීරණයට එළබ ඇති බව සඳහන් වේ.
ඒ අනුව, ජ්‍යෙ.නි.පො. ලලිත් පතිනායකගේ රාජකාරි වගකීම මධ්‍යම පළාත භාර කටයුතුවලට පමණක් සීමාකර ඇත. ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන තනතුර සඳහා පත් කිරීමට නියමිත නිලධාරියා ලෙස ජ්‍යෙ.නි.පො. සංජීව ධර්මරත්න පත්කිරීමට නිර්දේශ වී ඇත .