සතොස වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් වසා දැමීමට තීරණය කර ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ පවසයි. එමෙන්ම ලංකා සතොස සභාපති සමිත පෙරේරා ඉවත් වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, මෙය පුද්ගලික හේතුවක් මත සිදු වූවක් බවට පැවසෙන බවටහ් ඔහු සඳහන් කරයි . ඔහු මෙ බව පවසනුයේ සිය ”Countdawn with Waruna” යූ ටියුබ් වැඩසටහනේ අදහස් දක්වමිනි.
සමිත පෙරේරා සතොසට පැමිණීමට පෙර, ඔහු “ස්පාර්” (Spar) සුපිරි වෙළඳසැල් ජාලයට සම්බන්ධ ප්‍රධානියෙක් ලෙස කටයුතු කිරීම හේතුවෙන්, ඔහු පත්වන අවස්ථාවේදීම ළබැඳියාවන් පිළිබඳ ගැටලුවක් තිබූ බව වරුණ රාජපක්ෂ පවසයි .
කෙසේ වෙතත් මේ වනවිට සතොස වෙළෙඳසැල් 130ක් වසා දැමීමට තීරණය කර ඇති අතර, ඉන් 30ක් දැනටමත් වසා දමා ඇති අතර තවත් 100ක් වසා දැමීමට නියමිත බවත් ඔහු පවසයි . රජයට ව්‍යාපාර කළ නොහැකි නිසා එය පෞද්ගලීකරණය කළ යුතු බවට කතා පැතිර ගියද, දිනකට රුපියල් ලක්ෂ පහක හෝ හයක (රු. 500,000ත් 600,000ත්) අතර විකුණුම් වාර්තා කරන ජා-ඇල සතොස වෙළඳසැල වැනි ආයතන කිසිසේත් පාඩු නොලබන බව ඔහු පවසයි .
සතොස සිය අලවිසැල් 100ක් වසා දැමීමට තීරණය කර ඇති අවස්ථාවක, ව්‍යාපාරික ධම්මික පෙරේරා තමන් සිල්ලර ව්‍යාපාරයට පිවිසෙන බවත්, අලුතෙන් සුපිරි වෙළඳසැල් 100 ක් විවෘත කරන බවත් ප්‍රකාශ කර ඇත. මීට පෙරද ධම්මික පෙරේරා සතොස ගැනීමට යම් යෝජනාවක් ඉදිරිපත්කර තිබුණ බව ඔහු පවසයි.