මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ වඩාත් ක්‍රියාකාරී සහ පාරිභෝගිකයින් කේන්ද්‍ර කරගත් රක්ෂණ දැවැන්තයෙක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ Great Place to Work®ආයතනය වෙතින් ‘සේවය සඳහා හොඳම ආයතනයක්’ වශයෙන් සහතිකකරණය (Certified™) ලබා ඇත. මෙම සහතිකකරණය ලබා දීම සම්පූර්ණයෙන්ම ආයතනයේ සේවකයින් වෙතින් සමීක්ෂණ හරහා ලබා ගන්නා දත්ත තොරතුරු මත පදනම්ව සිදු කරන අතර විශ්වාසය, බැඳීම සහ පොදු අභිලාෂයන් මත පදනම් වූ ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමට නිරන්තරයෙන්ම උත්සාහ දරන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට මෙම සහතිකකරණය ලැබීම සුවිශේෂී ජයග්‍රහණයකි.
Great Place to Work®ආයතනයට අනුව ‘සේවය සඳහා හොඳම ආයතනයක්’ වශයෙන් හැඳින්වෙන්නේ සේවකයාගේ/සේවිකාවගේ තරාතිරම, පසුබිම සහ කාර්යභාරය කුමක් වුවද නායකත්වය කෙරෙහි විශ්වාසය, සේවය පිළිබඳව ආඩම්බරය, සහෝදර සේවකයින් සමඟ අර්ථාන්විත සබඳතාවයන් යනාදිය ඇතිව සේවය කළ හැකි ධනාත්මක පරිසරයක් ඇති ආයතනයකි.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සේවය කරන සාතිශය බහුතරයක් සේවක පිරිස විසින් සමීක්ෂණ ක්‍රියාවලිය තුළදී සමාගමේ ආයතනික පරිසරය මෙකී සුදුසුකම් සපුරාලන ආකාරය පිළිබඳව තහවුරු කර තිබුණි. ඊට අමතරව විශේෂයෙන්ම විවිධ පසුබිම්, තරාතිරම් නියෝජනය කරන පුද්ගලයින්ට සම අවස්ථා ලබා දීම, සේවකයින් අතර සහයෝගීතාවය, වෘත්තීය දියුණුවට ලැබෙන දායකත්වය, සේවක සුභසාධනය වැනි අංශයන්ගෙන් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පෙරමුණෙහි පසුවන බවට සමීක්ෂණයන් හරහා තහවුරු වී තිබිණි.
සමාගමේ සේවක පිරිස් විසින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය වටිනාකමට නිසි ඇගයීමක් ලැබෙන සේවා ස්ථානයක් පමණක් නොව සිය පෞද්ගලික සහ වෘත්තීයමය ජයග්රහණයන් ආයතන මට්ටමෙන් සමරන සේවා ස්ථානයක්ද වශයෙන් හඳුන්වා තිබීම විශේෂත්වයකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසීය, “මේ ඇගයීම අපට ඉතා සුවිශේෂී වන්නේ එය අපේ සේවකයින්ගෙන්ම ලැබෙන සැබෑ ඇගයීමක් නිසයි. ආයතනයක සංස්කෘතිය යනු එම ආයතනයේ ව්‍යාපාර මෙහෙයුම් සහ ලාභය වැනි කරුණුවලින් ඔබ්බට ගිය ගැඹුරු අරමුණු සහ අර්ථයන් සමඟ බැඳුණු දෙයක්. HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම වශයෙන් අපි සැමවිටම විශ්වාස කරන දෙයක් නම් අපේ ආයතනික සංස්කෘතිය සෑම දෙනාම එකට එකතු වෙන, දායක වෙන, එක්ව දියුණු වෙන සංස්කෘතියක් විය යුතු බවයි. ඒ නිසාම අපි ආයතනයක් වශයෙන් ක්‍රීඩා ජයග්රහණයන්ගේ සිට විවිධ සමාජ සත්කාර වැඩසටහන් දක්වා සෑම අංශයකින් ඉතා විශාල සාර්ථකත්වයක් ලබා තිබෙනවා”.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සුවිශේෂී ආයතනික සංස්කෘතිය මනාව ප්‍රදර්ශනය කළ වසරක් ලෙසින් පසුගිය වසර හැඳින්විය හැකි අතර ඊට උදාහරණ ලෙසින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ක්‍රිකට් කණ්ඩායම වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ G කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීම සහ සමාගමේ සේවය කරන විමුක්ති ගමගේ රග්බි ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ ආසියානු තරඟාවලියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම දැක්විය හැකිය.
එමෙන්ම කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සම අවස්ථා ලබා දෙන ආයතනයක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ‘In.She’ වැනි වැඩසටහන් හරහා ආයතනයේ සේවය කරන කාන්තාවන් දිරිමත් කිරීමට නිරන්තරයෙන්ම කටයුතු කරයි. ‘In.She’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක Woman Icon of the Year වාර්ෂික සම්මාන ප්රදානය HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මේ සම්බන්ධයෙන් අඛණ්ඩවම දරන උත්සාහයට මනා උදාහරණ සපයයි. HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ආයතනික සංස්කෘතිය කාර්යාල පරිසරයෙන් ඔබ්බට ගොස්, සමාජයීය අරමුණු ඉලක්ක කරගත් නව්‍යකරණයන් දක්වා විහිදෙන්නක් වීමද සඳහන් කළ යුතු කරුණකි. උදාහරණයක් වශයෙන් ගතහොත් ශ්‍රී ලංකාවේ පරාමිතික රක්ෂණ සේවාවන් හඳුන්වාදීමේ පුරෝගාමියා වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, එම කාර්යයේදී සිය සේවකයින් හට සාමාන්‍ය වැඩකරන පරිසරයෙන් එපිට සැබෑ ලෝකයේ දුෂ්කරතා ඇති ජන සමාජයන් හට ගැළපෙන රක්ෂණ විසඳුම් නිර්මාණය කිරීමට ලබා දෙන ආයතනික නිදහස දැක්විය හැකිය. ඉතා මෑතකදී ඩයලොග් ආසියාටා සමාගමේ සහය ඇතිව, දෛනිකව මුහුදු යන ධීවර පිරිස් හට දේශගුණ වෙනස්වීම් නිසා ඇතිවෙන ආර්ථික අපහසුතාවයන් වළක්වාලීම වෙනුවෙන් හඳුන්වාදුන් සයුර රක්ෂණාවරණය එවන් එක් කැපී පෙනෙන ව්‍යාපෘතියක් වශයෙන් හැඳින්විය හැකිය