ඉන්දියාවේ පැවති 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණි අතර, එම කණ්ඩායම පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .
මෙවර තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලෙස සමස්ත පදක්කම් 40ක් දිනා ගනිමින් උළෙලේ දෙවෙනි තැන දිනාගන්නට සමත් විය .
ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස සම්මාන හිමිකර ගනු ලැබූ අතර තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශෆියා යමික් සමත්වූවාය .