දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බවත්, ජාතික පාසැල්වල පමණක් ගුරු හිඟය 1500 ඉක්මවනා බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසන්නීය. ඇය මේ බව පැවසූවේ අද (21) පාර්ලිමේන්තුවේ දී අසනා ලද පැනයකට පිළිතුරු දෙමිනි .
වැඩි දුරටත් කරුණු දැක්වූ අගමැතිණිය පළාත් පාසල් ලෙස බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්, දකුණ 2,513ක්, මධ්‍යම 6,318ක්, වයඹ 2,990ත්, ඌව 2,780ක්, උතුරු මැද 1,568ක්, නැගෙනහිර 6,613ක්, සබරගමුව 3,994ක් සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271ක් වාර්තා වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ගුරු සේවයේ තුන්වන (ආ) 1 ශ්‍රේණීයට අයත් වැඩභාර නොගත් උපාධිධාරීන් 353ක් ඉදිරි මාස 2ක තුළ බඳවා ගැනීමට නියමිත බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.