කථානායක ජගත් වික්ර්මරත්නට එරෙහිව ලන්ඩන් නුවර පිහිටි පොදුරාජ්‍ය මණ්ඩළීය පාර්ලිමේන්තු සම්ගමයට සහ ස්විස්ටර්ලන්තයේ අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිළි කළ බව ස.ජ.බ. පාර්ලිමෙන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි .මෙම පැමිණිළි ඊමේල් මගින් යොමුකළ බවත් ඒවා ලද බවට පිළිතුරු පණිවිඩ ලැබී අතිබවත් ඔහු පවසයි . පැමිණිල්ලට අදාල සාක්ෂිද තමන් ඉදිරිපත්කර ඇතිබවද ඔහු සඳහන් කළේය .
ස්ථාවර නියෝග නොතකා කටයුතු කිරීම, විපක්ෂ මන්ත්රීවරුනට පාර්ලිමේන්තුවේදී අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ නොදීම, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය විවාදයට නොගෙන ඉක්වත්ලීම වැනි චෝදනා පැමිණිල්ලට ඇතුළත් බව වෛද්‍ය කාවින්ද ජයවර්ධන පවසයි .