ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සාමාන්‍ය මට්ටමක පැවතියද, ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවෙකු බොරතෙල් බැරලයක් සඳහා අමෙරිකානු ඩොලර් 286ක අතිවිශාල මුදලක් ගෙවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩරි (Georges Elhedery) උපුටා දක්වමින් ‘Middle East Eye’ පුවත් සේවය මේ බව වාර්තා කර ඇත . හොංකොං හි පැවැති ආයෝජන සමුළුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව එම පුවත් පවසයි .
ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල (Brent Crude) ඩොලර් 95-100 සීමාවේ පැවතියද, දකුණු ආසියාතික රටවලට තෙල් මිලදී ගැනීමේදී ඊට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්, ඊට ප්‍රධානතම හේතුව මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී යුදමය වාතාවරණය බවත් HSBC ප්‍රධානියා එහිදී පෙන්වා දී ඇත .
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ප්‍රකාශයක් නිකුත් කරමින් එම පුවත ප්රතික්ෂ්ඓඑප කර ඇත . එම සංස්ථාවේ සභාපතිවරයා විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහ වන්නේ ඉහළ මිලකට බොරතෙල් මිලට ගත් පුවත සාවධ්‍ය බවයි .
බොරතෙල් බැරලයක් සඳහා ඇමරිකානු ඩොලර් 286ක් ගෙවීමට සංස්ථාව එකඟ වී ඇති බවට පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, එවැනි මිලකට කිසිදු ගිවිසුමකට එළඹ නොමැති බවත් සභාපතිවරයා සිය නිවේදනයේ සඳහන් කරයි .
