වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාට සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරීනියට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ පුවත් පළ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා වන සමීර ප්‍රභාෂ් විජේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇත .
මෙම පැමිණිල්ල පැමිණිලි අංක 20039516 යටතේ ඊයේ (09) දින ගොනු කර ඇති අතර , එමගින් පහත නම් සඳහන් ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ මෙම මාධ්‍ය හසුරුවන පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ එතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරීනි නිමෝදි වික්‍රමසිංහ යන අය මෙම අසත්‍ය ප්රවෘත්ති මගින් ඉලක්ක කර ඇති බව පැමිනිල්ලේ සඳහන් වෙයි .
මෙම ප්රවෘත්ති හේතුවෙන් ඔවුන්ගේ පුද්ගලික ජීවිත වලට, පවුල් ජීවිතයට, වෘත්තීය ජීවිතයට සහ දරුවන්ගේ ජීවිත වලට මෙන්ම අමාත්‍යවරයාගේ දේශපාලන චරිතයට හානි වන අයුරින් අසත්‍ය ප්රවෘත්ති, සකස් කරන ලද ඡායාරූප, පළ කිරීම් සහ සටහන් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් පවතින බව සඳහන් වේ.
පැමිනිල්ල මගින් නම් කර ඇති පුද්ගලයින්:
Nimantha Perera
Dumindu Jayasuriya
K.W. Padmasiri
Manjula Perera
Rannu Jazze
Thushari pathiraja
Palitha Dewasiri
Rasika Vikumpriya
Fernando Inoka
ගම්පහ පොදු ජන හඬ