පාස්කු දින ප්‍රහාරය එල්ල කළේ කවුද කියලා මම දන්නවා

අධිකරණයකින් විමසන්නේ නම් පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ තමන්ට ලොකු හිතේ අමාරුවක් .

” මගේ ලොකු හිතේ අමාරුවක් තියෙනවා. පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම කළේ කවුද කියලා කවුරුත් කියලා නෑ. මම දන්නවා කවුද කළේ කියලා. අධිකරණය ඉල්ලීමක් කළොත් නැත්නම් නියෝගයක් කළොත් ඇවිත් ප්‍රකාශයක් කරන්න. මම ලෑස්තියි පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා හෙළි කරන්න. ඒක රහසිගතව තියා ගන්න එකත් ඒ විනිසුරුවරුන්ගේ කාර්යක් .” යනුවෙන් ඔහු සඳහන් කළා.