සංචාරකයන් දෙදෙනෙකුට දුම්රිය සේවකයන්ගෙන් ගුටි පූජාවක්

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධියක් නාවලපිටිය දුම්රිය ස්ථානයෙන් වාර්තා වනවා.

සිද්ධිය වාර්තාවන අන්දමට මෙම පහර දීම සිදුව ඇත්තේ, අදාළ සංචාරකයින් දෙදෙනා දෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන පළමු පන්තියේ ගමන් කර ඇති සිද්ධියක් මුල් කරගනිමින්.

එම සංචාරකයින් දෙදෙනාට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් පහර දී, ඔවුන් දුම්රියෙන් එළියට ඇද දමා ඇති බවට සාක්ෂි සහිත වීඩියෝ පටයක් ද හුවමාරු වනවා.

කෙසේනමුත් සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.