බැල්ටිමෝර්හි කඩාවැටුණු පාලම හදන්න ෆෙඩරල් අරමුදලින් ඩොලර් මිලියන 60ක්

ඉකුත් දා බහාලුම් නෞකාවක් ගැටීමෙන් අමෙරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලත ම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට කාර්යබහුල ම වරායේ නැව්ගත කිරීම් මේ දක්වා අත්හිටුවා ඇති බවයි.

සුන්බුන් අතර කිමිඳීමේ අවදානම හේතුවෙන් කම්කරුවන් සිව්දෙනෙකුගේ සිරුරු සෙවීමේ කටයුතු තවදුරටත් නවතා දමා ඇති බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මේ අතර කඩා වැටුණු පාලම යථාතත්ත්වයට පත්කිරිම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බවත් එම විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!