ජී.එල් සහ ඩිලාන් ඇතුළු 6ක් සමගි සන්ධානයට

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙක් අද (05) සමගි ජන සන්ධානයට එක්වෙමින් අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබුවා.

ඒ අනුව නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙන් වෙන් වශයෙන් සමගි ජන සන්ධානය එක් වෙමින් එම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා.

මහාචාර්ය ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් මෙලෙස සමගි ජන සන්ධානයට එක්ව ඇති බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!