මිනුවන්ගොඩදී රුපියල් කෝටි හතක මුදලක් කොල්ලකෑ කොල්ලකරුවන් මත්පැන් සහ ගණිකාවන් වෙනුවෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වියදම් කර ඇතැයි පොලීසිය හමුවේ අනාවරණය කර ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ දීර්ඝ ප්රශ්ණකිරීම් හමුවේදී මේ බව අනාවරණය වී තිබේ.
මුදල් කොල්ලකෑ කොල්ලකරුවන් කුරුණෑගල, මහනුවර ප්රදේශවල සැගව සිට ඇති අතර යාපනයට ගොස් නාගදීපය වැද පුදාගෙන කොල්ලය හසු නොවේවායි බාරයක්ද වී ඇත. මේ අතර කතරගමටද ගොස් බාරවී ඇති බව සැකකරුවන් පොලීසියට ප්රකාශ කර තිබේ.
යාපනයේ සිට මහනුවරට පැමිණි කොල්ලකරුවන් ඇදුම් මිලදී ගනිමින් විනෝද වෙමින් සිට ඇත. මේ අතර මහනුවර කටුගස්තොට ප්රදේශයේ සම්බාහන ආයතනවලට පැමිණ කාන්තාවන් තිස් දෙනෙක් ලබාගෙන ඇත. ඔවුන්ට රුපියල් පන්දහසේ සිට පහලොස් දහස දක්වා මුදල් ලබාදී තිබෙන බවද අනාවරණය වී ඇත.
කතරගමට ගිය ඔවුන් පාසල් ළමුන්ට කතරගම දේවාලයට පූජා කිරීම සදහා රුපියල් දහසේ හා පන් දහසේ නෝට්ටු බෙදාදී තිබෙන බවද වාර්තා වේ.
දිනපතාම ඔවුන් මත්පැන් සහ සිගරට් සදහාද විශාල මුදලක් වියදම් කර ඇති බවද පොලීසිය කළ ප්රශ්ණ කිරීම් හමුවේ අනාවරණය වී ඇත.