කාර්තිව් ප්රදේශයේදී පාසල් සිසුන් රැගත් ට්රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව නින්දවූර් මද්රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර ට්රැක්ටර් රථයේ සහායකයින් ඇප මත මුදාහැර තිබෙනවා.
හමුදාවේ උපදෙස් නොසලකා හරිමින් මුදල් ලබාදී ට්රැක්ටර් රථයකින් දරුවන් රැගෙන යෑමට උපදෙස් දී ඇත්තේ විදුහල්පතිවරයා බවයි වාර්තා වන්නේ.