ගුවන් යානය අනතුරට පත් ආකාරය දැක්වෙන වීඩියෝ අන්තර්ජාලයට

තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට ආ දකුණු කොරියානු මගී ගුවන් යානයක් අනතුරට පත් ආකාරය දැක්වෙන වීඩියෝ අන්තර්ජාලයට නිකුත්ව තිබෙනවා.

යානය අනතුරට පත් වූයේ එය දකුණු කොරියාවේ, මුවාන් ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සාහ ගනිද්දීය.

ගුවන් ධාවන පථයට ගොඩබාද්දී යානයේ රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවින්, එය ගුවන් පථයේ ලිස්සා ගොස් හැපී අනතුරට පත් විය. ඉන්පසු යානය පිපිරී ගිනි ගත්තේය.

යානයේ 181 දෙනක් වූහ. එම 181 දෙනාගෙන් 175 දෙනකු මගීන් වන අතර, නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන හයකි.මෙම අනතුරෙන් 85ක් පමණ මියගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.