මාතලේ කිවුල ජල පවිත්රාගාරයේ සේවය කරමින් සිටි තරුණයින් දෙදෙනකු සුදු ගගට වැටි මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.
ජල පවිත්රාගාරයේ සේවයේ යෙදි සිටිමින් සිටි අවස්ථාවේදි මෙම අවසනාවන්ත අනතුරුට මුහුණ පා ඇති අතර ජල පවිත්රාගාරයේ දැලෙහි තිබු බැරලයක් ඉවත් කිරිමට යැමේදි ඊයේ (28) එක් අයෙකු ජලයට වැටි ඇත.
ජලයට වැටුණ තරුණයා බේරා ගැනිම සදහා අනෙක් තරුණයාද ගගට පැන ඇති අතර ඉන් දෙදෙනාම දියේ ගසාගෙන ගොස් ඇති බවද මුලික පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.
මෙසේ අවසානවන්ත ලෙස මියගොස් ඇත්තේ මාතලේ කිවුල සුදුගගවත්ත පදිංචි 24 හැවිරිදි චානක මදුශංක සහ මාතලේ කළුදැවල පළමු පටුමගේ පදිංචි 24 හැවිරිදි මේනුක මදුශංක අබේසිංහ යන අයයි.