අනියම් සම්බන්ධතාවයක් නිසා ‘ආන්දෝලනයට ලක්ව සිටින මාලිමා මන්ත්‍රීගේ බිරිද’ ජනාධිපති හමුවට

මන්ත්‍රීවරියක් සමග පවත්වන අනියම් සම්බන්ධතාවයක් නිසා ආන්දෝලනයට ලක්ව සිටින මාලිමා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඔහුගේ බිරිද ජනාධිපති අනුර කුමාර දිසානායකට පැමිණිලි කර තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

නීතීඥවරියක වන මෙම මන්ත්‍රී බිරිද පසුගියදා ජනාධිපතිවරයා හමුවී මේ පිළිබද කරුණු අනාවරණය කර තිබෙන බවද වාර්තා වේ.

මෙම මන්ත්‍රී බිරිද දැනට සති දෙකකට පමණ පෙරදී රූපවාහිනී නාලිකාවක මනෝ විද්‍යා උපදෙස් ලබාදෙන මනෝ උපදේශිකාවක් හමුවී උපදෙස් ලබාගෙන ඇති බවද අනාවරණය වේ.

මේ අතර අනියම් සම්බන්ධතාවයට සම්බන්ධබව කියන මන්ත්‍රීවරියට කට වසාගෙන සිටින ලෙසට පක්ෂයේ ඉහළින් උපදෙස් ලබාදී තිබෙන බවද දේශපාලන තොරතුරු වැඩිදුරටත් අනාවරණය කරයි