ජනපති අනුර ට පැමිණි වොෂින්ටන් ඇමතුම….? (අශෝකගේ සතියේ කොලම)

🍎ජනපති අනුර ට පැමිණි වොෂින්ටන් ඇමතුම….?
🍎දැවැන්ත ගැටලු හමුවේ ළදරුවියේ ආණ්ඩුවේ ප්‍රවිශ්ටය…..?
🍎IMF වොෂින්ටන් කඩුළු පැනීම…..?
🍎වැරදුනු කතානායක හිස් පළඳනාව හා හැදි ගෑරුප්පු කඩු පfයිට්…..?
🍎ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්තාර්ලා නවක මන්ත්‍රීගේ ලනු කෑම…….?
🍎නිදන් හෑරීමේ ලනුව දුන් එකාගෙන් ප්‍රවේසම්වීම…..?
🍎ටිල්වින් හා ABBA “ඩාන්සිං ක්වීන්”…..?
🍎”බෝනස් දීපල්ලා” යි ආණ්ඩුවට සත්තම දාන ජවිපෙ ප්‍රබලයා……?
🍎V 8 හා E 8 , C 4 වීසා…..?
🍎US හා UK පැටලෙන මාජ්ජ ඔස්තාර්ලා…..?
🍎ජනමාධ්‍ය හා කුණුහරුප ටයර්ටියුබ්කාරයන්ගෙන් ප්‍රවේශම් නොවුණොත්….?

ජනපති හා ආණ්ඩුව ළදරු වියේ වුවද රට පෙලන ප්‍රශ්න ළපටි නැත. IMF පිරිස වොෂින්ටනයෙන් ආවේ ලංකාවේ මහ මැතිවරණ ප්‍රතිළුල පිටවෙද්දීය. රටට තිරසාර ආණ්ඩුවක් ලබාදීමට ජනතාව ක්‍රියා කොට තිබීම IMF ට තිබූ පළමු සැක සංකා මකා දැමුවේය. නිළධාරී මට්ටමේ ගිවිසුමට එකගත්වය පළවිය.නමුත් ඩො මිලි 336 ක ඊලග වාරිකය ලබාදීමට ලබන පෙබරවාරි 17 දා අයවැය එනතුරු ඉන්නට සිදුවේ. IMF එකගතා අනුව අයවැය සකසා තිබේද යන්න ඔවුන්ගේ අධීක්ෂණයට ලක්වේ. බංකොළොත් වූ රටක අලුත් ආණ්ඩුවක් පරිස්සමින් වැඩ කිරීම ගැන සොයා බැලීමේ වරදක් නැත.
තවද ලෝක බැංකු සභාපති අජේ බංගා ගෙන් වොෂින්ටනයෙන් පැමිණි වීඩියෝ ඇමතුමෙන් ජනපති අනුර සමඟ වූ සාකච්ඡාවේදී රැකියා හා සංවර්දන ප්‍රවර්දනයට ලෝක බැකුවේ සහාය පිළිබඳ අදහස් හුවමාරුවී තිබේ. නව රජයට ලෝකයේ ප්‍රමුඛතම ආයතන වල සහාය ලැබෙමින් තිබෙන බවට එය කදිම නිදසුනකි.

කාළගුණ රකුසා රටටම දත් විලිස්සා තිබේ. දැඩි වැස්ස ගංවතුර සුළිකුණාටු අභියෝග පැමිණ තිබේ. ඒවා කළමණාකරනය කරගන්නට ජනපති හා අලුත් පිරිස දක්වන ප්‍රවිශ්ටය හා කැපවීම අතිශය දිරිගන්වන සුළුය .


පාර්ලිමේන්තුවේ පළමු දවසේ කතානායකගේ විසුළු හිස් පළඳනාව හා කඩු පයිට් සද්දේ ඇසෙන ලෙස හැදි ගෑරුප්පු වලින් කෑම කෑවා යයි සමාජ මාධ්‍යයේ බයිට්වීම නවක පිරිසකට මග පෙන්වීම වෙනුවට දැක්වූ රළු ප්‍රතිචාරයක් නොවේදැයි සිතා බැලීම වටී. කතානායක ගේ අත්වැරදීම නිවැරදි කරන්නට අත්දැකීම් බහුල නිළධාරීන් ක්‍රියා නොකළේ ඇයි ද යන්න තවත් ගැටලුවකි.


බණ්ඩා කොළඔ ආවා සේ මුල්වරට පැමිණි මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායක පුටුව අයිති කර ගැනීමේ අලකලංචිය ලංකාවේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ගත්තේ ඉතා වැරදියටය. එක රැයෙන් ප්‍රසිද්ධ වන්නට ඔහු ගැසු ගේම මාජ්ජ ඔස්තාර්ලා ගෙඩි පිටින් ගිල දැම්මේය. ධුර වලට පිරිස නම් කිරීමෙන් පසුව ද ඔහු එම ආසනයේ සිටි බව කියවේ. කතානායක හා නිළධාරීන් මෙන්ම විපක්ෂ නායකයා ද පුටුව ලබා ගැනීමට ක්‍රියා නොකිරීම වැරදි ආදර්ශ සැපයීමකි.

නිධානයක් ගොඩ ගන්නට රාජ්‍ය මැදිහත්වීම ලබාදීම ද ගිණි බෝම්බයක් විය. ස්වශක්තියෙන් ගොඩ ඒම විනා ගුප්ත දේ පසුපස හඔායාම ප්‍රඥාගෝචර වන්නේ නැත. හදුන්නෙත්ති නිධානය ගැන චූන්වී කට වරද්දා ගැනීමෙන් ද අනවශ්‍ය අපහසුතාවට ලක්විය.නිදන් හාරන්නට අධිකරණ නියෝග නොදුන් බව ප්‍රකාශවීමත් සමග මෙම වැඩේ පිටුපස සිටි පිරිස ආණ්ඩුවට හිතවාදීන්ද කඩකප්පල්කාරීන්දැයි සොයා බැලීම දේශපාලන සෞඛ්‍යයට හොඳය.


ටිල්වින් ABBA හා ඩාන්සිං ක්වීන් බලන්නට යාම ද ජාතික ප්‍රශ්නයක්ව විය. එල්ලෙන්නට වැල් නැතිවූ විට පිදුරු ගහද ගහක් බව සනාථ වන්නේ මෙවැනි අවස්ථා වලය. තම ජාතික ලැයිස්තුව හෝ සාමයෙන් පත් කරගන්නට බැරි පක්ෂ හා අනුගාමිකයන් අනුන්ගේ ඇසේ පොල් පරාල ඉරීමට දැගලීම විහිළුවකි.විපක්ෂයේ සිටියදී ආරාධනා නොලැබූ අවස්ථාවන්ට දැන් ආරාධනා කලවිට ටිල්වින් යාම අරුමයක් වන්නේ නැත.

විදුලි මණ්ඩලේ ජවිපෙ වෘත්තීය සමිති නායකයා බෝනස් ඉල්ලා ආණ්ඩුවට සත්තම දැමීම ද අමුතු එකකි. ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීකමෙන් කැපීයාම ද ඊට හේතුවක් දැයි දන්නේ නැතත් එවැනි අයෙකු සිල්ලර තගක් ප්‍රසිද්ධියේ දැම්මේ ඇයිද යන්න ගැඔුරින් විග්‍රහ කරගත යුතුව තිබේ.

V 8 වාහන මෙන්ම E 8 කොරියන් වීසා මහපාර උණුසුම් කොට තිබේ. සියල්ල සම්පූර්ණ කල ද රටයාමට නොහැකි පිරිස් ආණ්ඩුව වටලා තිබේ. E 8 වීසා වලට අනුමැතිය නොදෙන බව විදේශ සේවා කාර්යංශය කීවද ඔවුන් C 4 වීසා වලට අනුමැතිය දී තිබේ. හිටපු ඇමති මනුෂ කියන්නේ පෞද්ගලිකව ලැබුණු ඇබෑර්තු වලින් ප්‍රයෝජන නොගත්තොත් කොරියා රැකියා අනතුරේ බවය. මගඩි කලවුන් සිටීනම් ඇල්ලීම මෙන්ම භේද හා කඔ ඇදිලි පසෙකලා තරුණයන්ට සාධාරණය ඉටු කරන බව ඇමති විජිත පැවසීම අස්වැසිල්ලකි. කතාව ක්‍රියාවට නැංවීම ද දැඩි අවශ්‍යතාවකි.

මානව හිමිකම් රැකීමට නව රජය දක්වන උනන්දුව ගැන ඇමෙරිකානු විදේශ ලේකම් සුබ පැතු බව මාධ්‍ය වල පළ විය. එහෙත් සුබ පැතුම ආවේ බ්‍රිතාන්‍යයෙන්ය. US හා UK වෙන්කර ගන්නට බැරි ජනමාධ්‍යයක් පැවතීම අරුමයකි.

මාළිමා නියෝජ්‍ය ඇමතිවරයෙකු වාහනෙන් බස්සවා “ආවේ බස් එකෙන්දැයි” මාධ්‍යකරුවන් ප්‍රශ්න කිරීම ද එක්තරා මාධ්‍ය තගකි. තවද විවිධ දේශපාලන කණ්ඩායම් වලට කඩේ ගොස් දැන් මාළිමාව කරේ තියාගත් ටයර්ටියුබ්කාරයෙකු මාළිමාවේ එකම නිළ ගැලවුම්කරු ලෙස පෙනී සිටිමින් වෙනත් මතවාද දරන අයට ප්‍රතිකර්ක වෙනුවට පහත් වදනින් හා ඔවුන්ගේ මව පියා පිළිබද මෙන්ම අඔුසැමි සබදතාව ගැන ද පහත් සැක සංකා මතු කරමින් පහත් වචන මාළා හරහා කුණුහරුප,මඩ වපුරමින් පෙනී සිටීම යම් අවස්ථාවක පත්තු වන්නේ මාළිමාවේ ඔලුව මත බව ඔවුන් ඉක්මනින් තේරුම් ගැනීම ඉතා වටිනා බව ද බොහෝ අයගේ අදහසය

(අශෝක ජයතුංග)