රාජිත නිදොස් කොට නිදහස්

2019 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු විභාගයෙන් රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබුණා.