නව ජල ගාස්තු මෙතැනින් දැනගන්න

අගෝස්තු මස 21 වනදා ක්‍රියාත්මක නව ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් ,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ රෝහල් සහ ගෘහස්ථ යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් කාණ්ඩයන් වන අතර සමෘද්ධිලාභීන් සහ වතු නිවාස සඳහා මෙය අදාළ නොවන බවයි සඳහන් වන්නේ.

ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ගාස්තු 7% කින්ද, රජයේ රෝහල්වල 4.5% කින්ද, ආගමික ස්ථානවල 6.3 %කින්ද මෙහිදී ජල ගාස්තු අඩුකර තිබෙනවා.