22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රැසක් .

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සංවිධාන සහ දේශපාලන පක්ෂ රැසක් මේවන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර ඇත .

ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ෆ්‍රී ලෝයර්ස් සංවිධානය යන නීති වෘතිකයන්ගේ සංවිධාන මෙන්ම සර්වජන බලය සහ සමගි ජන බලවේගය යන දේශපාලන පක්ෂද එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර ඇත.

මේ අතරින් පළමු පෙත්සම ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනුකර ඇත .

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසය.