20 ක් බිළිගත් මාරවිල වෙරළේ මාරකයට තවත් බිල්ලක් .

ඊයේ මාරවිල මුහුදු තීරයේ ස්ථාන දෙකකදී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් පස්දෙනෙකු මුහුදු රළට හසුව ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ . එම පිරිසෙන් 21 හැවිරිදි තරුණයෙකු මුහුදේ ගිළී අතුරුදන් වී ඇති අතර ඔහු සොයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඊට අමතරව, ඊයේ පස්වරුවේම එම ප්‍රදේශයේම මුහුදේ ගසාගෙනයාමට ලක්වූ කාන්තාවන් තිදෙනෙකු බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්වී ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ පමණක් මේ වන විට පුද්ගලයින් 21 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙම ප්‍රදේශයේ දිය නෑමෙන් හා මුහුදට බැසීමෙන් වළකින ලෙස මාරවිල පොලීසිය මගින් සවිකර තිබූ අනතුරු ඇඟවීමේ පුවරු පැමිණෙන පිරිස් විසින් කඩා බිඳ දමා ඇති බවද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති .