සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තක්කඩිකම් වලට වෘද්ධිය සමිති තව දුරටත් ඉඩ දෙන්නෙ නැතිබව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි .
වත්මන් පාලන යාටතේද සෞඛ්‍ය ක්ෂේස්තයේ ගැටළු රැසක් ඇතිව තිබෙනා බවත්, පිළිකා එන්නත් ගැටලුව නිසා අපහසුගිය දිනවල සිට රෝගීන් විශාල අපහසුතාවයකට පත්ව සිටිනා බවත් ඔහු පැවසීය.
ආනයනය කළ එන්නත් වල ස්ටිකර් එකක් මුල්කරගෙන ගැටළු සහගත තත්ත්වයක් ඇතිවී තිබෙනා බවත් ඖෂධ නියාමන අධිකාරිය මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා තිබූ බවත් ඔහු පෙන්වාදුන්නේය .
එහිදී මේ ඖෂධ ගේන්න ඉල්ලීම කරලා තිබුණේ කවුදයි සඳහනක් නොවූ බවත්, මේ ඖෂධය ගෙන ඒම වැරදිනම් ඒ සමාගමටම විරුද්ධව පියවර නොගත්තේ ඇයිදැයි සෙවිය යුතු බවත් ඔහු පැවසීය . ලේබලය අලවන්නෙ නැතුව බෙහෙත පාවිච්චි කරන්න බැරිනම් රසායනාගාර පරීක්ෂණයක් කරන්නේ කුමටදැයි ඔහු විමසීය . ඒ අනුව මේ මාධ්‍ය හමුව නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇඟ බේරා ගන්න කළ දෙයක් බවද ඔහු පෙන්වාදුන්නේය .
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළු රාජ්‍යයක් පවතින බවත්, එය ඉවත් කරන්නා ලෙස තමන් ප්‍රමුඛ සංවිධාන කලක සිට ඉල්ලා සිටිනා බවත්, පවුලේ වෛද්‍යවරයා ගේ එන්න කලින් සෞඛ්‍ය පද්ධතිය පිරිසිදු කිරීම අත්‍යාවශ්‍ය බවත් විශේසඥ වෛද්‍ය චමල් සංජීව පැවසීය .