හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය ධජය සහිත වෙළෙඳ නෞකා දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය ඉතා බරපතල ලෙස සළකන බව ඉන්දීය විදේශ ලේකම්වරයා පවසයි .
ඔහු මේ බව පැවසූවේ ඊයේ හෝමූස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ ඉන්දීය තෙල් නෞකා දෙකකාට ඉරාන ඉස්ලාමීය බලකායේ නාවික හමුදාව විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි . මේ සම්බන්ධයෙන් ඉරාන රජය වෙත සිය විරෝදය දැක්වීමට නවදිල්ලියේ සිටින ඉරාන තානාපතිවරයාව අද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණි.
වෙළෙඳ නෞකාවලට වෙඩි තැබීම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන් විදේශ ලේකම්වරයා, මේ පිළිබඳව ඉන්දීය රජයේ ස්ථාවරය වහාම ඉරාන බලධාරීන්ට දැනුම් දෙන ලෙස තානාපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ඉරාන තානාපතිවරයා ඊට සිය එකඟතාවය පලකර තිබේ.