ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් .

ඉන්දුනීසායාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයකින් මෙම භූකම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව ඇති බව ද සඳහන් වෙයි . කෙසේ වෙතත් එම භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බව වාර්තා වෙයි .