මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටියදී මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ ඥාතීන් විසින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතිබව වාර්තා වේ .
මේ පිළිබඳව මාධ්යට අදහස් දක්වමින් මියගිය පුද්ගලයාගේ බිරිඳ සඳහන් කළේ, සිය සැමියාගේ මරණයට වගකිව යුතු බවට චෝදනා එල්ල වන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කර සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවය. එම නිලධාරීන්ට එරෙහිව මෙතෙක් ගෙන ඇති පියවර ප්රමාණවත් නොවන බව ඇය අවධානරණය කළාය.
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය අත්අඩංගුවට ගත් කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නමැත්තාට හෝමාගම පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවා සිටියදී පොලිස් පහරදීමකට ලක්වූ බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරයි .
පසුව ඥාතීන්ගේ ඉල්ලීම මත ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබූ අතර, එහිදී ඔහු මියගොස් තිබුණි.