ධීවරයන් සිව් දෙනෙක් සමග අතුරුදහන් වූ යාත්‍රාව සොයා ගුවන් හමුදා මෙහෙයුමක් .

මාතර, කුඩාවැල්ල ප්‍රදේශයෙන් පිටත්ව ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්ව ඇති බවට ලද තොරතුරු මත එම යාත්‍රාව සොයා ගුවන් හමුදාව සහ නාවික හමුදාව මෙහෙයුම් අරම්භ කර තිබේ. එම යාත්‍රාවේ
ධීවරයින් සිව්දෙනෙකු සිටිබව නාවික හමුදාව සඳහන් කරයි .

අදාළ ධීවර යාත්‍රාව පසුගිය 21 වනදා ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති අතර එහි සිටි ධීවරයින් අවසන් වරට පසුගිය 23 වනදා යාත්‍රාවේ හිමිකරු සමග සන්නිවේදනය සිදුකර ඇත .

කෙසේ වෙතත් ඉන් පසු අදාළ ධීවර යාත්‍රාව සමග තිබූ සබදතා බිදවැටී ඇති බවට යාත්‍රා හිමිකරු විසින් පැමිණිල්ලකට අනුව එම යාත්‍රාව සහ ධීවරයින් සොයා ගුවන් හමුදාවේ ද සහය ඇතිව නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ.