ඊශ්‍රායල් සහ කමාස් අර්බුදය නිසා ඊයේ වනවිට මියගිය ළමුන් ගණන 3,257 ඉක්මවනා බව විදෙස් මාධ්‍ය පවසයි . ගාසා සහ ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා උපුටා දක්වන එම ආයතන, ඔක්තෝබර් 7 වැනිදා සිට, අවම වශයෙන් ගාසා තීරයේ 3,195 ක්, බටහිර ඉවුරේ 33 ක් සහ ඊශ්‍රායලයේ 29 ක් ඇතුළුව ළමුන් 3,257 කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායල් හමාස් යුද්ධයෙන් මියගොස් ඇතිබව සනාත කරයි.
ගාසා තීරයේ සති තුනක දී ඝාතනයට ලක් වූ ළමුන් සංඛ්‍යාව, පසුගිය වසර තුනක කාලය තුළ, ගෝලීය වශයෙන් රටවල් 20 කට වැඩි ප්‍රමාණයක සන්නද්ධ ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව ඉක්මවනා බව සහන සේවකයො පවසති
ගාසා තීරයේ මියගිය පුද්ගලයින් 7,703 න් 40% කට වඩා ළමුන් වෙයි. ඊය අමතරව බටහිර ඉවුර, පලස්තීන භූමිය සහ ඊශ්‍රායලයේ සිදු වූ මරණ වලින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ළමුන් බව සේව් චයිල්ඩ් සංවිධානය පවසයි .
මීට අමතරව ගාසා තීරයේ අතුරුදන් වූබවර පැවසෙන තවත් ළමුන් 1000 ක් සුන්බුන්වලට යට වී මියගොස් ඇතැයි සහන සේවකයෝ පවසති . ඒ අනුව මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව වාර්තවේ..
ගාසා තීරයේ අවම වශයෙන් ළමුන් 6,360 ක් ද, බටහිර ඉවුරේ අවම වශයෙන් ළමුන් 180 ක් ද, ඊශ්‍රායලයේ අවම වශයෙන් ළමුන් 74 ක් ද තුවාල ලබා ඇති බව වාර්තා වේ. ළමුන් ඇතුළු පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රැඳී සිටිති.
ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ සිදුකරමින් පවතින ගොඩබිම් මෙහෙයුම නිසා ළමා මරණ තව දුරටත් ඉහළ යනු ඇතිබව සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසයි.