අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ ලේකම් සංජය සමරසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග අද නියෝග කළේය .
ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය, ඔහුගේ විදේශ ගමන් ද තහනම් කර තිබුණා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය .
පසුගිය 16 වනදා රාත්රියේ අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි සංජය සමරසිංහගේ නිවසට ගොස් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇත . එහිදී හමුවූ ආරක්ෂිත සේප්පුවක් තමන් භාරයට ගෙන තිබූ අතර එහි තිබූ රුපියල් ලක්ෂ 18 ක මුදලක මූලාශ්රය හෙළිකිරීමට අසමත් වීමේ චෝදනාවක් මත ඊයේ දිනයේදී මෙලෙස ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.